ව්‍යාපාරිකයින් ගසා කෑ සීනි බදු සහනය නැවත අය කර ගන්න…! – විගණන කොමිසම…

April 17, 2022 at 5:57 pm | by emanisa.lk

සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබාගත් පාර්ශ්වයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කරයි.

එම කොමිසම මෙම නිර්දේශය ලබාදී ඇත්තේ සීනි කිලෝග‍්‍රෑම් එකක් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩු කිරිමෙන් අපෙක්ෂිත සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳ අධ්‍යයනය සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාළවය.

2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග‍්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරිමට රජය පියවර ගත්ත ද සීනි මිල පහත දැමීම සඳහා ව්‍යාපාරිකයින් කටයුතු කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *