රාජපක්ෂ ආණ්ඩුවට තවත් අපේ කිසිම සහායක් නෑ..! විකල්ප පක්ෂ 11 සහ මුස්ලිම් දෙමළ පක්ෂ සමග ගමනක් යනවා..! – මෛත්‍රී…

April 12, 2022 at 9:29 pm | by emanisa.lk

රාජපක්ෂ ආණ්ඩුව බලයේ තබා ගැනීමට කිසි ම උවමනාවක් තමන්ට නොමැති බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ආණ්ඩුව සමග කිසිදු සාකච්ඡාවක් සඳහා නැවත කටයුතු නොකරන බවයි, ඔහු අවධාරණය කළේ.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම මේ වන විට ආණ්ඩුව නියෝජනය නොකරන බවයි.

ආණ්ඩුවේ විකල්ප පක්ෂ 11 සමග මේ වන විටත් සාකච්ඡා කර අවශ්‍ය තීන්දු ගන්නා බව ද හෙතෙම පෙන්වා දෙයි.

සිය වැඩපිළිවෙළ සඳහා මුස්ලිම් සහ දෙමළ පක්ෂවල සහයෝගය ද තමා ඉල්ලා සිටි බවත් ඔවුන් සමග අවුරුදු උදාවට පසු සාකච්ඡා කර සිය වැඩපිළිවෙළ ක්‍රියාවට නඟන බවත් මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *