ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තව වැඩි කරනු…! අපේ උපරිම සහයෝගය දෙනවා…!

April 8, 2022 at 4:58 pm | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ තීව්‍රර කළ යුතු මෙන්ම උද්ඝෝෂණ නතර නොකළ යුතු බවත් පොදු ජනතාව ගෙන යන උද්ඝෝෂණවලට ජාතික ජනබලවේගය උපරිම සහයෝගය ලබා දෙන බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

එම උද්ඝෝෂණ සඳහා උපරිම මැදිහත්වීම ලබාදෙමින් ජාතික ජනබලවේගය හැටියට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවත් හෙතෙම කීය.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම අනිවාර්යෙන්ම වියයුතු බවත් එසේ වුවහොත් අන්තර් කාලීන පාලනයක් සඳහා වන ජාතික ජනබලවේගයේ යෝජනා ඉදිරිපත් කරන බවත් අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *