අද පස්වරු 06 සිට මුළු දිවයිනට ම බලපාන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම ඇඳිරි නීති කාල සීමාව අප්‍රේල් 04 සඳුදා උදෑසන 6 තෙක් බලපැත්වෙනු ඇත.
හෙට ඉරිදා (02) ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සඳහා පාරට බසින ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රචාරයක් ගෙන ගිය අතර විපක්ෂය ද ඒ සඳහා සූදානමින් සිටියේ ය.