මහින්දගේ කොන්ද පණ නෑ…! පණකඳ ඇති අගමැතිවරයෙක් රටට ඕන…! – රතන හිමි….

April 6, 2022 at 4:34 pm | by emanisa.lk

රටට පණ කඳ ඇති අගමැතිවරයකු අවශ්‍ය වන බව අපේ ජන බල පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසූවේ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

පණ කඳ තිබෙන හයිය හත්තිය තියෙන අගමැතිවරයකු පත් කළ යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවත් උන්වහන්සේ කීහ. ඒ හැර වෙනත් විකල්පයක් නැතැයි ද රතන හිමියෝ පැවසූහ.

අලුත් අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කර ගෙන රට ඉදිරියට ගෙන යා යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

“අප සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවකට පැමිණිය යුතුයි. ඊට විපක්ෂය ද දායක විය යුතුයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ කොටස් සමග කැබිනට් මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. මේ ආණ්ඩුවට දිගු කලක් යන්න බැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස