තාවකාලික කැබිනට් මණ්ඩලයක්…! සබ්‍රි, දිනේෂ්, ජී.එල්., ජොන්ස්ටන් දිවුරති…!

April 4, 2022 at 12:40 pm | by emanisa.lk

නව අමාත්‍යවරු සිව් දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ.

සභා නායක දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැති වශයෙන් ද දිවුරුම් දුන්හ.

මුදල් ඇමැති වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ඇමැති වශයෙන් දිවුරුම් දුන්නේය.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධූර කිහිපය පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

අනෙකුත් අමාත්‍යවරුන් පත්කිරීම පසුව සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *