රට අතැර ගිය ගෝඨාභයට වඩා මා දේශප්‍රේමියෙක්…! ජනතාව එක්ක රට අඳුරින් මුදා ගන්නවා…! – රොෂාන් මහානාම දෙවන ඉනිමට සූදානම්..

April 2, 2022 at 1:39 pm | by emanisa.lk

දැඩිව කලකිරුණු හදින් මේ සටහන තබන්නේ, මගේ රට අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකිමෙන්.

මෙකී පාලකයන්ට වඩා මම මගේ රටට ආදරය කරන සහ දේශප්‍රේමී මිනිසෙකු යැයි මා ආඩම්බර වන්නේ අවස්ථාව ලැබී තිබියදීත් මම මෙරටින් පිට නෙවෙී සිටින නිසායි.

මම මේ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙසයි. මේ අප එක්ව එක හඬින් “දැන් ඇති!” කියා කිය යුතු මොහොතයි.

මා මේ රටේ මිනිසුන් සමග එක්ව නැගී සිටින අතර, මගේ ලස්සන මව් රට මේ අඳුරින් මුදවා ගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් මේ වෙනුවෙන් වෙහෙසෙමි.

roshan mahanama FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස