මිරිහානේ දී ඊයේ (31) ඇති වූ සිද්ධියෙන් .රජය දේපළවලට ගිනි ගිනි තැබීමෙන් සහ පහර දී අලාභානි කිරීමෙන් රුපියල් මිලියන 39ක අලාභයක් සිදුව ඇති බවට ගණන් බලා ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
මෙම සිද්ධියේදී පොලිස් බස් රථයකට, පොලිස් ජීප් රථයකට, පොලිස් යතුරුපැදි දෙකකට ගිනි තබා විනාශ කර ඇති අතර, පොලිස් බස්රථ දෙහෙකට, විශේෂ කාර්ය බළකායේ බස්රථ දෙකකට ඇතුළු රජය රජයේ දේපළවලට පහර දීමෙන් මෙම අලාභය සිදුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.
මෙම සිද්ධියෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු වූ පොලිසියේත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, 18 දෙනෙකු විශේෂ කාර්ය බලකායේ බව ද හෙතෙම කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව, අපරාධ කොට්ඨාශය, දකුණු අපරාධ කොට්ඨාශය, පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ද අජිත් රෝහණ සඳහන් කළේය.