මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබූ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (31) සිට නැවත ආරම්භ කර තිබේ.
මාවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භූගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාස තුනක් තිස්සේ එහි විදුලි උත්පාදන කටයුතු නවතා දමා තිබිණි.
ඊයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට කටයුතු කර තිබේ.