ජනතාවට තෙල් ටික බෙහෙත් ටික ලබා ගැනීම වෙනුවෙන් මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පවසයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ආපනශාලාවෙන් මන්ත්‍රීවරුන්ට අඩු මුදලට ලබා දෙන ආහාරපාන නවතා දමා සාධාරණ මුදලකට සාමාන්‍ය ජනතාව ආහාරයට ගන්නා ආහාරපාන පාර්ලිමේන්තු ආපනශාලාව තුළින් මේ මොහොතේ මහජන නියෝජිතයන්ට ලබා දිය යුතු බවයි, සහන් ප්‍රදීප් විතාන සඳහන් කරන්නේ.
පාර්ලිමේන්තු ආපනශාලාවේ පානුයි පරිප්පුයි ලබා දෙන්නේ නම් එය ආහාරයට ගැනීමට තමා ඇතුළු මන්ත්‍රීවරුන් සූදානම් බව ද ඔහු අවධාරණය කළේ ය.
කාලයක් තිස්සේ පැවැති ආර්ථික අර්බුදය උත්සන්න වී අවස්ථාවේ ඉන් රට මුදා ගැනීමට ජනපති අගමැති ප්රමුඛ ආණ්ඩුව කෙතරම් වෙහෙසක් දරන්නේ දැයි තමා දන්නා බව ද සහන් ප්‍රදීප් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.