ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේ හරියට කළොත් ලංකවේ මහා සමාජවාදී විප්ලවයක් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන පවසයි.
පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම වැරදි බව මූල්‍ය අරමුදලේ වාර්තාවේ දැක්වෙන බව කී හෙතෙම, යහපාලන ආණ්ඩුව එදා ඉතා අධික ලෙස බදු පැනවූයේ අධික ලාභ ලැබූ අයගෙන් යැයි ද මූල්‍ය අරමුදල කියන්නේ ද අධික ලාභ ලබන අයගෙන් බදු අය කළ යුතු බව යැයිද සඳහන් කළේය.
ලංකාවෙි බදු ක්‍රමය වෙනස් කළ යුතු බවත් වැඩි ආදායම් ලබන අයගේ බදු රඳවා ගත යුතු අතර, එහි සහන අඩු ආදායම් ලාභීන්ට ලබා දිය යුතු බවත් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ දැක්වෙන බව ද එහි ඇති වරදක් දකින්නේ නැතැයි ද වජිර අබෙිවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.