පාර්ලිමේන්තුව විසිරුවා හරින්න සූදානම්…! රාජපක්ෂ පාලනය එතැනින් ඉවරයි…!

March 29, 2022 at 9:30 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ ආණ්ඩු විරෝධී ඡන්ද 113ක් සම්පූර්ණ වූ වහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවක් ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඒ සමග ම මේ රටේ රාජපක්ෂ පාලනය ද අවුරුදු 80ක පමණ පවුල් පාලනය ද අවසන් වන බවයි.

එය නාමල් රාජපක්ෂගේ අවාසනාව බවත් කොයි රාජපක්ෂ රජ කළ ද අවසානයේ රට කරවන්නේ බැසිල් රාජපක්ෂ බව මේ වන විට තහවුරු වී ඇති බවත් ගම්මන්පිල සඳහන් කරයි.

එසේ ම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සහ රජයේ ඉහළ නිලතල දැරීම වළක්වාලමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන අගෝස්තු මස පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු අනාවරණය කළේ ය.

අද (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස