රට මුහුණපා ඇති ඩොලර් අර්බුදය පිටරට යහළුන්ගෙන් ඩොලර් ටිකක් ඉල්ල ගෙන විසඳන බව පැවසීම විහිළුවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු අවධාරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ප්‍රතිව්‍යුහගත කර ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගීම කළ යුතු බවයි.
එවිට සහන පොළියට නැවත ඩොලර් ණයක් ගතහැකි බවත් එමගින් ජනතාවට උවමනා ගෑස්, කිරිපිටි සහ ඉන්ධන ආදිය මිලට ගනිමින් ගෙවිය යුතු ණයත් ගෙවමින් ඉදිරියට යා හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.
තමා බලයට පත්ව ඩොලර් අර්බුදය විසඳන්නේ එලෙස බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේ සමගි ජන බලවෙිග ජනහමුවකට එකතු වෙමිනි.