මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත.
20-02-2022 වන දින වසන්ත සමරසිංහ මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ….
· මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන දක්වා 20Kmක අදියරේ කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බවත්,
· ඉහත කී ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් අනුමත කිරීම CANC ලෙස නම් කරන ලද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවේ විෂය විෂයපථය යටතේ පවතින බවත්,
· එම ලංසු ඉදිරිපත් කර ඇත්තේ චීන සමාගමක් වන Metallurgical Corporation (MCC) සහ ශ්‍රී ලාංකික සමාගමක් වන Lanka Infrastructure Development Consortium (LIDC) යන සමාගම් දෙක විසින් බවත්,
· චීන සමාගමක් වූ MCC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1050ක් (රුපියල් බිලියන 210) වූ බවත් LIDC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 1872ක් (රුපියල් බිලියන 374.4 ක ) වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබී ඇති අඩු ලංසුව ප්‍රතික්ෂේප කොට වැඩි ලංසුව ඉදිරිපත් කර ඇති LIDC සමාගම වෙත CANC යන කමිටුව විසින් ලබා දී ඇති බවත්,
· ජොන්ස්ටන් ප්‍රනාන්දු CANC කමිටුවට අනිසි බලපෑම් සිදු කර එහි සාමාජිකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ MCC ලංසුව ඉවත් කර LIDC ලංසුවට පක්ෂව කටයුතු කර එමඟින් වංචාවක් සිදු කිරීමට කටයුතු කල බවත්,
· එම මූල්‍ය වංචාව හරහා ශ්‍රී ලංකා රජයට සිදු වූ පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 164.4ක් වන අතර එය කුප්‍රකට බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් වඩා වැඩි බවත්,
· මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මාගේ සේවාදායකයා ඉහත කී ව්‍යාපෘතිය සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර එම දැවැන්ත වංචාව සිදුකර ඇති බවත්,
· මාගේ සේවාදායකයා විසින් මෙම වංචාව සිදුකර ඇතැයි ප්‍රකාශ කිරීමේ දී ගරු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රවටා සහ ඔහු නොමඟ යවා කටයුතු කර ඇති බවත්,
· එම මාධ්‍ය සාකච්ඡාව ඔහුට අයත් නිල youtube නාලිකාවේ ප්‍රසිද්ධ කර එම සම්බන්ධතාවය ( Link) ඔහුගේ මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බවත් එම ක්‍රියාව තුළින් මහ ජනතාවට එකී කරුණුවලට ප්‍රවේශ වීමට ඉඩ හැරීමෙන් ඉහත සඳහන් කරන්නට යෙදුණු ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා මහ ජනතාව අතර ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා කටයුතු කර ඇති බවත්,
යනා දී ඔහු විසින් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය සහ පදනම් විරහිත බවත් එයින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා වශයෙන් කටයුතු කරන කසුන් වීරසේකර මහතා විසින් මෙම වන්දි මුදල දින 14 ක් ඇතුලත ඉල්ලා වසන්ත සමරසිංහ මහතාට එන්තරවාසියක් යවා ඇත.
මාධ්‍ය ඒකකය
මහා මාර්ග අමාත්‍යාංශය