නුවර Highway කෑල්ලකින් මිලියන 822ක් ගැහුවා…! ඒ මුදලින් හම්බන්තොට වරායයි නෙලුම් කුලුනයි හදන්න පුළුවන්…! -ජවිපෙ…

February 22, 2022 at 12:48 pm | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර 20 km කොටස තැනීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දීමේ දී ඩොලර් මිලියන 822ක වංචාවක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසන්නේ මේ සඳහා ඩොලර් මිලියන 1050ක ලංසුවක් ඉදිරිපත් කළ චීන සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දී නොමැති බවයි.

එහෙත් ඩොලර් මිලියන 1872ක ඉහළ ලංසුවක් තැබූ ලංකා සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට ද ඔහු චෝදනා කරයි.

මෙම ගනුදෙනුව මගින් ඩොලර් මිලියන 822ක් එනම් හම්බන්තොට වරාය සහ නෙළුම් කුලුනු තැනිය හැකි තරම් දැවැන්ත මුදල් වංචා කිරීමට සූදානම් වන බව ද වසන්ත සමරසිංහ හෙළිදරව් කළේ ය.

මෙම දූෂිත ගනුදෙනුව සිදුවුවහොත් මෙරට සතු සියලු ම ඩොලර් ටික අහිමි වනු ඇති බවට ද ඔහු අනතුරු ඇගවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *