අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තමන් සමග පාර්ලිමේන්තු කැන්ටිමේ එක කෑම වේල ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
හඳන්නෙත්ති පෙන්වා දෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෙසු මන්ත්‍රීවරුන් සමග එම කෑම වේල කෑමට තරම්වත් නිහතමානීකමක් ඇති පුද්ගලයකු නොවන බවයි.
ඔහු තම කෑම වේල හිල්ටන් හෝටලයෙන් ගෙන්වා ගෙන මිදි පොකුර, රෙඩ්බුල් එක, වතුර බෝතලය අසලින් තියාගෙන සෙසු මන්ත්‍රීවරුන් බලා සිටිය දී පෙරේත පොඩි ළමයෙකු මෙන් කන්නේ යැයි ද හෙතෙම හෙළි කරයි.
මෙවැනි පුද්ගලයින් ජනතාව සමග ගනුදෙනු කරන්නේ කෙසේ දැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රශ්න කරයි.