ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්ව ආදර්ශයක් ලබා දෙනවා නම් තමන් ද ඉල්ලා අස්වීමට සූදානම් යැයි තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
සර්වපාක්ෂික සමුඑවේදී අලුත් අයවැයක් පිළිබඳව කතා වුණා පමණක් නොව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට යෝජනාවක් ගෙන ආවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඉල්ලා අස්වී එම ආදර්ශය පෙන්විය හැකියි. එසේ වුවහොත් මමත් ඉල්ලා අස් වී පොහොට්ටුවෙන් ආදර්ශයක් දෙනවා.
හොරණ රාජකිය විද්‍යාලයේ පැවැති උත්සවයකට එක් වෙමින් ක්‍රිඩා අමාත්‍යවරයා මේ බව පැවැසීය.