රටේ ඩීසල් පෝලිම් හැදුවෙි දැවි තෙල් ටොන් තිස් දහසක් පිට රටකට විකුණ්න ගම්මන්පිල…!

March 22, 2022 at 10:20 pm | by emanisa.lk

ඉන්ධන හිග අවස්ථාවක මෙරටට ගෙන් වූ දැවි තෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් ඇමති ගම්මන්පිල විසින් විදේශයකට විකුණා දමා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස තාප බලාගාරවලට ඩීසල් යොදා ගැනීමට සිදුව තිබේ.

කෙසේ වෙතත්, මිළ අධික ඩීසල් වෙනුවට විදුලිබල මණ්ඩලය විසින් තම පාඩුව පියවා ගැනීමට ජලවිදුලියට යොමුව ඇත. එහි ප්‍රතිඵලය වූයේ ජලාශවල ජල මට්ටම 10%ක් අඩු වීමයි.

අර්බුදය නිර්මාණය කිරීම සඳහා හැම අතින් විමල් හා ගම්මන්පිල ඇතුළු පිරිස කළ කුමන්ත්‍රණය දැන් එකින් එක හෙළිවෙමින් තිබේ. ඩීසල් අර්බුදය උග්‍ර වීමට ආසන්නතම සිදුවීම වී තිබුණේ වරායට ඩීසල් ගෙන පැමිණි නැවක් ගොඩබාන නල පද්ධතියට සම්බන්ධ කිරීම වෙනුවට පෙට්‍රල් නැවක් ඊට සම්බන්ධ කිරීමයි.

එසේ කර ඇත්තේ ඒ අවස්ථාවේ රටතුළ ප්‍රමාණවත් පෙට්‍රල් තොග තිබීය දීය. ගම්මන්පිල විසින් රටේ ඩීසල් නැති බවට කළ ප්‍රකාශය මීට සමගාමීව සිදු කර ඇත. මේ එකකට එකක් සම්බන්ධ කර බැලූ විට අර්බුදය නිර්මාණය වූයේ කෙසේ ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස