ඉන්ධන අර්බුදයෙන් ආණ්ඩුව ඇවිළෙයි…! තෙල් මිල නංවන්න ගම්මන්පිල පක්ෂ වෙද්දි බැසිල් එරෙහි වෙයි…!

February 27, 2022 at 9:28 am | by emanisa.lk

ඉන්ධන මිල ඉහළ දමා එයින් පීඩාවට පත්වන බස් සංගම්, ධීවර සංගම්, බේකරි හිමියන්, එළවළු වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසකට රජයෙන් නැවත සහනාධාර දීමට වඩා ඉන්ධන මිල පවත්නා තත්ත්වයෙන් තබා ගැනීම ප්‍රායෝගික බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධන සඳහා ඩොලර් සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින නිසා මිල වැඩි කළ යුතු බවට පාර්ශ්ව ගණනාවකින් මුදල් අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් විය.

මේ ගැන සාකච්ඡාවට පසුගියදා විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවක්ද පැවැත්විණි. එහිදී මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජය ලබා ගන්නා මුදල් නැවතත් සහනාධාර ලෙස ගෙවීමට සිදුවන්නේ නම් එම මිල ඉහළ නැංවීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

කෙසේ වුවද ඛනිජ තෙල් සංස්ථාව ඉල්ලා සිටින මිල වැඩි කිරීම ඉතා ම සාධාරණ බවත් එ් සඳහා අවසර ලබා දුනහොත් එය ඉතිහාසයේ වැඩි ම තෙල් මිල ඉහළ යාම වනු ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *