නීතිය කිරි ගොවියා වෙනුවට රකින්නේ නවසීලන්තය…! රජයේ නිලධාරීන් ඇමැතිගෙනුත් අල්ලස් ඉල්ලලා…!

March 22, 2022 at 2:21 pm | by emanisa.lk

මෙරට බොහෝ නීති සකස් වී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදකයා නැංවීමට නොව කිරි පිටි හදන නවසීලන්තය සතුටු කෙරෙන ආකාරයට යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ අද (22) පාර්ලිමේන්තුවේ දී, පරිසර වාර්තා සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.

පරිසර වාර්තා නිකුත් කිරීමේ දී අක්‍රමිකතා වැළැක්වීමට වහාම පියවර ගතයුතු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී පැවසුවේය.

මෙය පරිසර අමාත්‍යවරයාගේ ප්‍රශ්නයක් නොවන බවත් පරිසර වාර්තා නිකුත් කිරීමේ දී සාධාරණ මුදලක් අය කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය. සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සත්ව ගොවිපොළවල් පහක් සඳහා ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසූවේ එලෙස මුදල් ඉල්ලු ආයතන ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒවා අසාදු ලේඛනයට ඇතුළත් කළ හැකි බවය. එසේම මෙවැනි අක්‍රමිකතා වැළැක්වීම සඳහා පරිසර පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බව ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *