ග්‍රාමීය මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.
ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් පසුවන මෙවැනි අවස්ථාවක ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර සිටීමට නොහැකි බවත් ඔහු එමගින් අවධාරණය කරයි.
එසේ ම සිය අමාත්‍යංශයේ කටයුතු කිරීමේ දී මුහුණ පෑ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කළ ද ඒවා මෙතෙක් නිවැරදි කර නොමැති බව ද නිමල් ලාන්සා සඳහන් කරයි.