ඊළඟ පාර සජිත් ජනාධිපති කරගත්තොත් 2029 විමල් ගොඩ…!

March 21, 2022 at 10:27 pm | by emanisa.lk

නාමල් ගේ හා විමල් ගේ ඉරණම!!!
===================
දැන් තිබෙන දේශපාලන වාතාවරණය ඉතාම අවාසි සහගත වන්නේ විමල් වීරවංශට හා නාමල් රාජපක්ෂටයි. මේ දෙදෙනාම දීර්ඝ කාලීන දේශපාලන බලාපොරොත්තු ඇත්තෝ වෙති.

නමුත් දැන් තිබෙන දේශපාලන වාතාවරණය ඔවුන්ගේ දේශපාලන ගමනට බාධාකාරී වේ. පෙනෙන ආකාරයට විමල්ට හා නාමල්ට හොඳම තෝරාගැනීම වන්නේ සජිත් ජනාධිපති කිරීම සඳහා වැඩ කිරීමයි. ඒ මගින් අරමුණු කීපයක් ඉටුකරගැනීමට හැකියාව ලැබේ.

පළමුව සජිත් ජනාධිපති කළහොත් ලේසියෙන්ම, විමල්ට හා නාමල්ට අභියෝගයක් වන චම්පික දේශපාලන භූමියෙන් ඉවත් කර දැමීමට පුළුවන. ඊළඟ ඒ මගින් ජවිපෙ දුර්වල කිරීමටද පුළුවන.

එසේ වන්නේ සජිත් බලයට පැමිණි විට අර්බුදය මීටත් වඩා තීව්‍ර වීමට නියමිත අතර එවිට නැගී එන ජන විරෝධය සංවීධානය කිරීමට විමල්-නාමල් සංධානයකට වැඩි අවකාශයක් ලැබෙන බැවිනි.

එවිට ලේසියෙන් 2029 දී සජිත් පරාජය කොට නාමල්-විමල් සංධානයට බලයට ඒමට හැකියාව ඇත. මෛත්‍රීපාල ගේ පාලනය ගෝඨා පාලනයට පාලමක් වූවා මෙන් සජිත් පාලනය නාමල්-විමල් ආණ්ඩුවකට පාලමක් කරගැනීමට හැකියාව තිබේ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස