වර්තමාන අර්බුදයට ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය බලයට පත් වූ පමණින් විසඳෙනු ඇතැයි තමා නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය පෙන්වා දෙන්නෙ රට නැවත වතාවක් හරි තත්ත්වයට ගැනීමට ටික කාලයක් ගතවනු ඇති බවයි.
එම කාලය දුෂ්කර වනු ඇති අතර සියලු දෙනාට කැපකිරීම් කරමින් මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇතැයි ද හරිනි අමරසූරිය අවධාරණය කරයි.