ඉන්දියානු ණය මුදල කිසිදු කොන්දේසි පැනවීමකින් තොරව ලබා දුන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
“ඉන්දියානු ණය මුදල කොන්දේසි විරහිතයි. 2009 ත්‍රස්තවාදය අවසන් කිරීමට මෙන්ම මෙවර ආර්ථික අර්බුදයට විසඳුම් දීමට ද ඉන්දියාව අපට සහාය දුන්නා. දුෂ්කර අවස්ථාවෙන් අප ජාතිය ගලවා ගන්නවා.”
සිය දෙදින ඉන්දියානු සංචාරය පිළබඳ අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.