ප්‍රබල දේශපාලනඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ.
අධිබල එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි 300 කට අධික සංඛ්‍යාවක් එක්කර ගෙන තිබු මෙම සවාරිය සුඛෝපභෝගි ජීප් රථ විශාල සංඛ්‍යාවක් ද ගමන් ගත්තේය.
මෙම සවාරිය කල්පිටියට හරහා ගමන් කරද්දි දළුව මංසන්දියෙදි කළු කොඩියක් ප්‍රදර්ශනය කරමින් එය නවතා මෙය සංවිධානයක කළ සියලු දෙනාටම විරෝධය මතු කරමින් මිගට්ටුවත්තේ සුමිත් හිමියෝ දොස් තබන්නට වූහ.
මෙම යතුරු පැදි සවාරියට පොලිස් පෙර ගමන් යතුරු පැදි ලබා දෙමින් ආරක්ෂාව සැපයූ අයුරු ද දැක ගත හැකි විය.
“ මේ රටේ මිනිස්සු ඩිසල් ටිකක් පෙට්‍රල් ටිකක් ගහ ගන්න දවස් ගනන් පෝලිම්වල ඉද්දි දේශපාලඥයන්ගේ උවමනාවට යතුරු පැදි සවාරි තියනවා.
යතුරු පැදි මදිවට එයට එකවන අධි සුඛෝපභෝගි වාහනවලටත් ඉන්දන ලබා දෙන්න වෙනම ඉන්නධ බවුසරයක් ඉස්සරලා යවනවා.
ඇත්තටම මේ ඇමතිවරුන්ට තේරුම් ගන්න බැරිද මේ ඉන්නධ ප්රශ්නය හා අනිකුත් ප්‍රශ්ණ හමුවේ මිනිස්සු දුක් විඳිද්දී මේ විදිහට නාස්තිකාර වැඩ වැරදි කියලා.
මෙම සවාරිය තමන් කල්පිටියට රැගෙන ආ බවත් එයින් පාසල්වලට හා දේවස්ථාන වෙත ආධාර ලබා දීමට කටයුතු කර ඇති බවත් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි උදාර මධුසංඛ මිගට්ටුවත්තේ සුමිත්ත හිමියන්ට පවසන්නට විය.
කෙසේ නමුත් සුමිත් හිමියන් මෙම සවාරිය සංවිධානය කළ ප්‍රබල දේශපාලනඥයාට හා අනිකුත් පිරිසට දොස් තබන්නට ද වුහ.
සුමිත්ත හිමියන් ඇතුළු පිරිසගේ විරෝධය ගණන් නොගත් එම පිරිස පොලිස් පෙර ගමන් යතුරු පැදිය ද යළි කල්පිටියට ගමන් කළේය.