විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ 11 නායකයින්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආරාධනා කරන බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර පවසයි.
එම පිරිස තමන්ට වඩා මෙම ආණ්ඩුව ගොඩනැඟීම සඳහා මහන්සි වූ බව පිළිගන්නා බවයි, මහින්ද අමරවීර පවසන්නේ.
තෙල් ටිකක් ගෑස් ටිකක් නොමැතිව ජනතාව දැඩි කෝපයෙන් සිටින බවත් සජිත්, අනුර, විමල්, උදය නොව ප්‍රභාකරන් විරෝධතාවකට පැමිණිය ද ජනතාව පාරට බසින බව ද ඔහු ප්‍රකාශ කරයි.
තමන් ආණ්ඩුව නියෝජනය කළ ද වෙනත් පක්ෂයක බවත් දේශපාලන මණ්ඩලය තීන්දු කරන ඕනෑ ම මොහොතක ආණ්ඩුවෙන් එළියට බසින බවත් මහින්ද අමරවීර අවධාරණය කරයි.