ගෝඨාභය වහා ම ඉල්ලා අස් වී රට අපට භාරදෙනු…! අර්බුදයෙන් රට ගොඩගන්න සජිත් සූදානම්…! – කබීර් හෂීම්…

March 17, 2022 at 10:20 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව රට දොදොල් කෑල්ලක් මෙන් කපා විදෙස් රටවලට විකුණමින් ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් අවධාරණය කරන්නේ, ආණ්ඩුවට මෙම මූල්‍ය අර්බුදයෙන් රට ගලවා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි.

ආසියානු කලාපයේ සියලු රටවල විදේශ සංචිත කොවඩ් අර්බුදය මැද ඉහළ යද්දි ශ්‍රී ලංකාවේ පමණක් පහළ ගොස් ඇත්තේ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කළ යුත්තේ ජාතිය අමතා අපි තමයි හොඳට ම කොරේ යැයි පැවසීම නොව ඉල්ලා අස්වීම බවයි, කබීර් හෂීම් සඳහන් කළේ.

තම වැඩපිළිවෙළ අසාර්ථක බව ප්‍රකාශ කර ආණ්ඩුව තමන්ට භාරදෙන්නේ නම් රට ගොඩනැඟීම සඳහා සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය මේ වන විටත් සකසා අවසන් බව ද ඔහු අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස