ඇමරිකාවේ එංගලන්තෙත් තෙල් පෝලීම්..! පොඩ්ඩක් ඉවසන්න…! – පොහොට්ටු මන්ත්‍රී…

March 15, 2022 at 10:33 am | by emanisa.lk

මේ වන විට ලෝකයේ සෑම රටකම පාහේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙය දවසකින් දෙකකින් විසඳෙන තත්ත්වයක් නොවන නිසා ජනතාවට මදක් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය පවසයි.

“අද වෙනකොට ඩොලර් අර්බුදයක් තියෙනවා. අපේ රටේ පමණක් නෙවෙයි, දැන් මට නවසීලන්තයෙන් පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් තියෙන ෆොටෝස් එවලා තියනවා. ඒ රටවලත් එහෙමයි. එංගලන්තයේ, ඇමරිකාවෙත් එහෙමයි. එංගලන්තෙ ටැංකියෙන් බාගයයි ගහන්නෙ. හැම රටකම තත්ත්වේ මේ‍ක.

මොකද දැන් තමයි, කොවිඩ් – 19 වසංගතය සමතයකට පත්වෙන්නෙ. දැන් තමයි, රටවල් ස්ථාවර වෙන්න පටන් ගත්තෙ. හැබැයි දැන් ඒ එක්කම රුසියා –යුක්‍රේන යුද්ධය පටන්ගෙන දැන් එතනත් අර්බුදකාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නෙ. මේක එක දවසෙන් දෙකෙන් විසඳෙන්නේ නෑ. ඒ නිසා අපට පොඩ්ඩක් ඉවසන්න වෙනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මේ බව පැවසුවේ ඊයේ (14) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *