අධිවේගී නිලධාරීන්ගේ සුපිරි ගැහිල්ලක් මාට්ටුයි..! පෝර කඩේකින් බත් පැකට් තොගයක බිලක්…!

March 13, 2022 at 2:28 pm | by emanisa.lk

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සේවය කළ හිටපු නිලධාරියෙකු සේවකයන්ට බත් පාර්සල් ලබා දුන් බවට සීදුව කාර්යාලයට ලබා දුන් බිල්පත් පොහොර අලෙවි සැලකින් ගත් බව අනාවරණය වී තිබේ.

ඉකුත් මැයි 15 වන දා සිට 28 වන දා දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙහෙයුම් අංශයේ සේවකයන්ට එලෙස බත් පාර්සල් ලබා දුන් බවට මොහු ඉදිරිපත් කර ඇති බිල්පත්වල වටිනාකම රුපියල් 27,370කි.

ඒ සඳහා ඔහු විසින් සීදුව ප්‍රදේශයේ අදාළ පොහොර සහ කෘෂිකාර්මික උපකරණ අලෙවි සැලෙන් බිල්පත් 35ක් ලබාගෙන ඇත.

ඒ පිළිබඳ සැකසිතූ එම කාර්යාලයේ නිලධාරීන් සිදුකළ සොයා බැලීමක දී අනාවරණ වී ඇත්තේ අදාළ අලෙවි සැල බිල්පත් නිකුත් කිරීමට පෙර සිටම වසා දමා තිබූ බවය.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක වටිනා ගස් කිහිපයක් අනවසරයෙන් කපා විකිණීමේ චෝදනාව මත මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර නොමැති අතර ස්ථාන මාරුවක් පමණක් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *