මේ රට ගොඩනැඟීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට බලය දීමට ජනතාව සූදානම් විය යුතු බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඊළඟ මැතිවරණයේ දී ජවිපෙට බලය ලබා ගැනීම ස්ථිර බවත් නැවත කිසිදා විපක්ෂයේ සිටීමට තම පක්ෂය මැතිවරණ සඳහා නොපැමිණෙන බවත් හෙතෙම අවධාරණය කරයි.
සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ, එළඹෙන මහා මැතිවරණයේ දී ආසන 113ක් ලබා ගෙන කිසිවකු සමග ඩීල් නොදා තනි ජවිපෙ ආණ්ඩුවක් ගොඩනඟන බවයි.
එවැනි බලයක් ජනතාව නොදෙන්නේ නම් බම්බු ගහගන්න ලෙස ද ඔහු ප්‍රකාශ කළේ සිය පක්ෂ ජන හමුවක් අමතමිනි.