එළඹෙන මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය එකතු වී සන්ධානයක් ලෙස තරඟ කළහොත් ජයග්රහණය කළ හැකි බවත් එසේ නොමැති වුවහොත් පරාජය වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් තමන්ට තනිව තරඟ කළ ද ජයගත හැකි බව පුන පුනා ප්රකාශ කරන අතර එජාප විරෝධී සන්ධානයක් ලෙස තරඟ නොවැදුණහොත් එජාපය ජයගන්නා බව ශ්රීලනිපය දැඩි ලෙස විශ්වාස කිරීම විශේෂත්වයකි.