කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවසර ලබා දී ඇත.
මෙයට අදාළ විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවැසීය.
කෙසේ වුව ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ දිගින් දිගට ම අවධාරණය කළේ කොවිඩ් මෘතදේහ භූමදානය මගින් ජලයට වෛරසය එකතු වී එය පැතිරී යා හැකි බවයි.
ලොව පුරා ලක්ෂ ගණනක් කොවිඩ් මෘතදේහ භූමදානය කළ ද මෙතෙක් ජලයෙන් කොවිඩ් බෝ වූ බවට සාක්ෂි නොමැත.