ජනපති ගෝඨාභය යටතේ යළි ඇමැතිකම් දරන්නේ නෑ…! බැසිල් රට අස්ථාවර කරන ඇමරිකානු කොන්ත්‍රාත්තුවක…! – විමල්….

March 4, 2022 at 2:27 pm | by emanisa.lk

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ මින් ඉදිරියට ඇමති ධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද (04) උදේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

තම දෙදෙනා තනතුරුවලින් ඉවත් කිරීම ගැටලුවක් නොවන බවත් තනතුරු තිබුණත් නැතත් තම කණ්ඩායමේ සටන දිගට ම කරගෙන යන බවත් හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යටතේ පාලනය වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔහු කටයුතු කරන්නේ දැඩි පීඩනයක් යටතේ බවත් හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

බැසිල් රාජපක්ෂට රට අස්ථාවර කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකාව විසින් ලබා දී ඇති බවත් එය ඉටු නොකළහෝ ඔහු මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඇමරිකාව අත්අඩංගුවට ගනු ඇති බවත් විමල් වීරවංශ හෙළිදරව් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *