කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ මී පැටවුන් ලෙස හැසිරෙන ඇමැති විමල් වීරවංශ වේදිකා මත සිට මයික් ටයිසන් චරිතයට පණ දෙන බව ඇමැති රෝහිත අබේගුණවර්ධන පවසයි.
මහ බැංකු අධිපතිවරයාට මුදල් ඇමැති හමුවීමට නොහැකි නම් එය ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රශ්න නොකළේ මන්දැයි ඔහු විමසයි.
2015 සිට රට නොමඟ යැවූ බවට හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේනට “කෝ මේ සිරිසේන” කියමින් අවුරුදු ගාණක් වේදිකා මත බැණ වැදුණු විමල් වීරවංශ, හිටපු ජනාධිපතිවරයා මුලාසනයේ හිඳුවා ගෙන රට ම හරි මඟ යැවීමට කතා කරන බවයි, රෝහිත ගුණවර්ධන සඳහන් කළේ.
ආණ්ඩුවේ උරුමය තමන්ගේ කරගෙන කරුමය අනුුුනමත පටවන මෙම පක්ෂවලට සාමාජිකයින් ඇත්තේ ඉතාා ම සුළු පිරිසක් බව ද ප්‍රකාශ කළේය.
අද (03) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් හෙතෙම මේ බව පැවසී ය.