වර්තමාන ආණ්ඩුව හෙට අනිත්දා බිඳ වැටෙන බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂ මන්ත්‍රී නලීන් බණ්ඩාර විමසන්නේ කන්න ටික නැති පොහොර ටික නැති රටේ ජනතාවට දැන් අවශ්‍ය කාපට් මාර්ග ද අධිවේග මාර්ග ද කියා ය.
පාරවල් කාපට් කරන සියලු හොරුන්ට සමගි ජන බලවේග ආණ්ඩුවක් පත්කර සරත් ෆොන්සේකා ලවා දඬුවම් දෙන බවට ඔහු අවධාරණය කළේ ය.
රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන 2015 සරත් ෆොන්සේකාට සොරුන්ට දඬුවම් කිරීම භාර දීමට බිය වුව ද සජිත් ප්‍රේමදාස බිය නැති බව ද නලීන් බණ්ඩාර වැඩි දුරටත් ප්‍රකාශ කළේ පඬුවස්නුවර සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.