ඉන්ධනහල් මිල ඉහළ යන තුරු තොග සඟවයි.! පොලිසිය සැඟවූ ඉන්ධන සොයා රට පීරයි..!

February 23, 2022 at 10:46 pm | by emanisa.lk

ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කෙසේ ඇතැම් ඉන්ධනහල ඉන්ධන නොමැති  බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සැබෑ ලෙසම ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නැද්ද? නැත්නම් මිල වැඩි කිරීමක් බලාපොරොත්තුවෙන් ඉන්ධන නොමැති ලෙස හැසිරෙනවාද යන්න පිළිබඳ පරීක්ෂා කරන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ දිනයේද පිරවුම් අසල පෝලිම් තිබුණ අතර එම සියලු දෙනාටම ඉන්ධන නිකුත් කර ඇති තත්ත්වයක ඉන්ධන හිඟයක් දැනට නොමැති බව කිව හැකි බව ඇමැති අමුණුගම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉන්ධන අවශ්‍ය පරිදි ගෙන්වීම හැර විකල්පයක් නොමැති බවත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය රට තුළ පවත්වා ගෙන යාමට රජයට වගකීමක් ඇති බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරයා අද (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *