සමහරුන්ගේ අස්ස කුලප්පුවට අහුවෙන්න තමා සූදානම් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
පාර්ශ්වකරුවන් හෙයින් මේ ආණ්ඩුවේ සිටීමට තමාට අයිතියක් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ ආණ්ඩුව පත් කිරීමට තමා ලොකු කැපවීමක් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ දිනවීමට බදුල්ලෙන් වැඩිම ඡන්ද ලබා දුන්නේ තමා බවත් ඔහු කීවේය.
තමා අස්ස කුලප්පුවට අහුවුණොත් බදුල්ලේ ජනතාව අසරණ වන බව ද අමාත්‍යවරයා පැවසීය