සත්ව කෑම රහසේ මිනිස්සුන්ට කවන්න හදල…! නිකවැරටියේ වී ගබඩා දෙකක නිලධාරීන් පන්නයි..!

February 19, 2022 at 4:30 pm | by emanisa.lk

නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා දෙකක නීති විරෝධී වී මිල දී ගැනීම හා ගබඩා කිරීම් සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකරුගේ සහ අදාළ ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ.

ඒ, නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා 2ක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධානවල ගොවීන්ගෙන් කෘෂිකර්ම ඇමැතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනකට පසුය.

විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේ දී අදාළ වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති බවත් ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවත් හෙළිවිය.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම එදින ම විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *