ආණ්ඩුව බෝම්බයක් වගේ…! කොයි වෙලාවේ පුපුරයි ද දන්නෑ…! – මුජිබර් රහුමාන්…

February 18, 2022 at 6:57 pm | by emanisa.lk

ආණ්ඩුව තුළ සිදුවන හොරකම් නිසා මැති ඇමැතිවරුන් විශාල පිරිසක් කලකිරී ඇතැයි සමගි ජන බලවෙගය හෙළි කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන්නේ, ආණ්ඩුවට ආර්ථිකය හසුරුවාගත නොහැකි නිසා තවත් විශාල පිරිසක් කලකිරී ඇති බවයි.

මේ නිසා ආණ්ඩුවට බෝම්බයක් බවට පත්ව ඇති බවත් එය බොහෝ කල් නොගොසින් පුපුරා යාමට නියමිත බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මහා මාර්ග අමාත්‍යංශයේ සිදුවන වංචා පිළිබඳ එහි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා දැඩි ලෙස කලකිරී ඇති බවත් මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස