කොටි සංවිධානයයි ජනතා විමුක්ති පෙරමුණයි අතර ලොකු වෙනසක් නෑ…! – නාමල්..

February 17, 2022 at 10:42 am | by emanisa.lk

ලංකා දේශපාලන ඉතිහාසයේ වැඩියෙන් ම රටේ දේපොළ ගිනි තබා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

පෙරේදා (12දා) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින් ඇමැතිවරයා මෙසේ පවසා තිබේ.

“ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය බෙලිඅත්තේ අයට මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ අය වී ගබඩා ගිනි තියපු අය. ඉස්පිරිතාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිනි තියපු අය. ජේ.වී. පී එක තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩියෙන්ම ගිනි තියල තියෙන්නේ.

දැන් විදුලිය නැහැ කියනවා. ඒ කාලෙ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබිබා. එල්ටීටීඊ එකයි ජේවීපී එකයි අතරෙ ලොකු වෙනසක් නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඒ දෙගොල්ලොම කළේ මරාගත්තු එක. හැබැයි අපිඒ අයට කියන්නෙ දැන් පරණ දේවල් අතෑරල දාන්න. මේ රට හදන්න.

රාජ්‍ය සේවකයො විදියට අපට වගකීමක් තිබෙනවා. අයිතිය ගැන විතරක් කතා කරල වැඩක් නැහැ, සෑම විට ම අපි විශ්වාස කරන දේ තමයි කාත්තාවෝ යන පැත්තට තමයි ආණ්ඩුව යන්නේ.

රැස්වීමක සාමාන්‍යයෙන් කාත්තාවො වැඩි නම් අපි හිත හදන් ගෙදර යනවා. රැස්වීමක පිරිමි වැඩි නම් පොඩ්ඩක් අප්සට් එකේ තමයි යන්නේ. සෑම විට ම කාත්තාව ආරක්ෂා කරන්න අපි පක්ෂයක් විදියට කටයුතු කරනවා. එතකොට මේ සමාජය ආරක්ෂා කරන්න පුළුවන්. සමාජය ගොඩනගන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *