උද්ඝෝෂකයන්ට හා වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්රහාර, කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.
ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේ දී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට මෙම දැනුම් දීම සිදුකර ඇත.
ඕනෑම අයකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්නැයි ප්රකාශ කර ඇති ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇතැයි ද සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව පොලිසිය යම් ක්රියාමාර්ගයක් ගත යුතු බවට සරත් වීරසේකර ඇමතිවරයා කැබිනට් රැස්වීමේ දී කළ ප්රකාශයක් සැලකිල්ලට ගනිමිනි.
උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව රජය කිසිදු ක්රියාමාර්ගයක් නොගත් බැවින්, ඔවුන් දිගින් දිගට ම වර්ජන හා උද්ඝෝෂණ කරන බවට සරත් වීරසේකර ඇමැතිවරයා කැබිනට් රැස්වීමේ දී ප්රකාශ කර ඇත.