බැසිල් රාජපක්ෂට මොළ හතක් ඇතැයි කීවේ හත්දෙනෙකු විසින් කරන වැඩ ඔහුට තනිව කළ හැකි නිසා බවත් ඒ ගැන මේ වසර අවසන් වන විට බලාගත හැකි වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (14) නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැතී සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මෙහෙමයි මොළ හතක් එනව කියල එකපාර අර්ථකථනය කරා තෙල් මිල අඩුකරයි පරිප්පු මිල අඩුකරයි සීනි මිල අඩුකරයි කියල.
මුදල් ඇමතිවරයාගේ වගකීම හාල් පරිප්පු සීනි අඩුකරන එක නෙවෙයි. ඒ මිල අඩුකර ගැනීම සඳහා අවශ්‍ය වපසරිය මුදල් අමාත්‍යාංශය තුළ නිර්මාණය කර ගැනීම.
රටේ ආයදම වියදම බැලන්ස් කිරීමේ නිර්මාණශීලි හැකියාව තමයි, අපි මුදල් අමාත්‍යවරයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ.”