ලංකාව රනින් හැඩ කළ මුලතිව් සිසුවියට හමුදාවෙන් උපහාර..!

February 13, 2022 at 12:51 pm | by emanisa.lk

පාකිස්ථානයේ ලාහෝර් නගරයේ පැවැති ‘ජාත්‍යන්තර කික් බොක්සිං තරඟාවලිය’ සඳහා සහභාගී වී රන් පදක්කමක් දිනා ගත් ගනේෂ් ඉන්දුකාදේවී සිසුවියට උපහාර පිදීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කර තිබේ.

ගනේෂ් ඉන්දුකාදේවී මුලතිව් කරිපඩ්ඩමුරිප්පු රජයේ දමිළ මිශ්‍ර පාසැලේ ඉගෙනුම ලබයි.

2022 ජනවාරි මස 13 සිට 19 වන දින දක්වා එම තරඟාවලිය පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 642 වන බල සේනාවට අයත් 23 වන බල ඇණිය වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද රථ පෙළපාලිය සහ පිළිගැනීමේ උත්සවය, 2022 පෙබරවාරි මස 01 වන දින එම පාසැල් භූමියේදී පැවැත්විණි.

එම උත්සවය සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් ජීඩී සූරියබණ්ඩාර ප්‍රමුඛ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එක් වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *