වැඩ ලක්ෂයෙන් විපක්ෂ මන්ත්‍රීලාටත් අරමුදල් දෙනවා..! ඒ සල්ලි පිල්ලි ගහනව ද කියලා සජිත් සොයා බැලිය යුතුයි…!

February 13, 2022 at 11:57 am | by emanisa.lk

ආණ්ඩුවේ වැඩලක්ෂයක් වැඩ සටහන යටතේ එජාප, සජබ සහ ජවිපෙ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ද අරමුදල් ලැබෙන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන පරිදි එලෙස ලැබෙන මුදල් අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් කොමිස් ගසන්නේ නම් තම පක්ෂවල මන්ත්‍රීවරුනට ද ලැබෙන මුදල් එලෙස කොමිස් ගසන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

මෙතෙක් විපක්ෂයේ කිසිදු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරයකු එම අරමුදල් ප්‍රතික්ෂේප කර නොමැති බව ද මහින්ද පතිරණ පෙන්වා දෙයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන අරමුදල් පිළිබඳ සොයා බැලිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *