වාරණ නියෝගයක් ලැබුණේ නෑ..! උසාවිය එහෙම තීන්දු දෙන්නේ නෑ..! අපි දිගටම වර්ජනය කරනවා..! – සමන් රත්නප්‍රිය..

February 11, 2022 at 12:28 pm | by emanisa.lk

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළුව ඉල්ලීම් හතක් මුල් කර ගනිමින්, හෙද,පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18 ක් විසින් දීප ව්‍යාප්තව අරඹා ඇති වැඩ වර්ජනය, අද (11) පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති අරඹා ඇති මෙම වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ නමුත් අද දිනයේත් වර්ජනය සිදුවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය පවසයි. ඊයේ අධිකරණය මගින් නිකුත් කළ බව පැවසෙන වාරණ නියෝගය මෙතෙක් තමන්ට හෝ තම සංගමයට ලැබී නැති බව ද ඔහු පවසයි.

නීත්‍යනුකූලව අරඹා ඇති වැඩ වර්ජනයක් අත්හිටුවන ලෙසට අධිකරණය ඒක පාර්ශ්වීයව නියෝග කරනු ඇතැයි තමන් නොසිතන බව ද ඔහු පවසයි. වාරණ නියෝගය ලැබුණහොත් ඒ පිළිබඳව නීතී උපදෙස් ලබා ඉදිරි කටයුතු කරන බවද ඔහු පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *