මෙරට බලශක්ති ක්ෂේත්‍රය අමෙරිකාව විසින් පාලනය කරද්දී ඉන්දියාව විසින් රටේ තෙල් මිල තීරණය කරන තත්ත්වයක් උදා වී ඇතැයි සමඟි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ ද අදහස් දැක්වීය.
“අපේ රට අද පාලනයක් නැති තත්ත්වයට පත්වෙලා. ආණ්ඩුවක් පත් කරන්නේ රට පාලනය කරන්න. වත්මන් වකවානුව වෙනකොට ආණ්ඩුවට කිසිදු පාලනයක් නැති තත්ත්වයට පත්වෙලා.
එක පැත්තකින් රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික මුදලටවත් ගන්න නැති විදියට රටේ වෙළෙඳපොළ හිස්වෙලා. තෙල් ටික වෙලාවට නැහැ,
එක පැත්තකින් විදුලි බල ඇමැති කියනවා විදුලිය කපන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් දිනපතා විදුලිය කපනවා. ඒ විතරක් නෙමෙයි ජනතාවට අද බෙහෙත් නැතුව මැරෙන තත්ත්වයට පත්වෙලා.”