රේණුක ආවට කිරි එරිලා නෑ…! කිරි නිෂ්පාදනය තවත් පහළට…!

February 5, 2022 at 4:49 pm | by emanisa.lk

කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩු වී නිසා පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි.

දෛනිකව දියර කිරි ලීටර් ලක්ෂ හතරක් පමණ අවශ්‍ය වුවත් දැනට ලැබෙන්නේ ලීටර එක් ලක්ෂ තිස් දහසක් පමණක් බව ද සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

කිරි නිෂ්පාදනය අඩුවීමට වියළි කාලගුණ තත්ත්වය ද බලපා ඇතැයි වාර්තා වේ.

කෙසේ වුව ද මිල්කො හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ ඉවත් කර රේණුක පෙරේරා එම තනතුරට පත් කළේ හිටපු සභාපතිවරයා දියර කිරි සහ කිරිපිටි නිෂ්පාදනයට ප්‍රමුඛතාව ලබා නොදුන් බවට චෝදනා කරමිනි.

එහෙත් 2019 සහ 2020 වසරවලට වඩා 2021 වසරේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට හිටපු සභාපතිවරයා කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස