හිටපු එංගලන්ත විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු වන කෙවින් පීටර්සන් ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම එක් කිරීමට ඔහු කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම පුරවැසියන්ට සුබ නිදහස් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන පීටර්සන් සංචාරක ගමනාන්තයක් වශයෙන් තමා වඩා කැමත්තක් දක්වන රටක් ලෙස ද ශ්‍රී ලංකාව විශේෂයෙන් හඳුන්වා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දී ක්‍රිකට් පිටියේ දී එල්ල වූ අභියෝග ද සුළුපටු නොවූ බවයි, පීටර්සන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.
ජාතික නිදහස් දිනය වෙනුවෙන් ලංකාව අවසාන වශයෙන් යටත් කරගෙන සිටි රටේ ක්‍රීඩකයින් පවා සුබ පැතුම් එකතු කරන අතර මෙරට ඇතැම් කණ්ඩායම් නිදහස් උලෙළ අවප්‍රමාණ කිරීම සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.
https://twitter.com/KP24/status/1489498414404542465