කාදිනල්තුමා දැඩි තීන්දුවක…! නිදහස් උලෙළ වර්ජනය කරයි…!

February 3, 2022 at 1:27 pm | by emanisa.lk

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හෙට (04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාළව නිර්දෝෂී පුද්ගලයින් තව දුරටත් රැඳවුම් භාරයේ තබා ගෙන සිටීමට විරෝධය පළකරමින් කාදිනල්තුමා එම තීරණය ගෙන තිබේ.

අද (03) පෙරවරුවේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස