ආණ්ඩුවේ ජනප්‍රියත්වය 2%කට වැටිලා…! අපේ ඡන්ද පදනම 80%ට ම නැඟලා…! ජවිපෙට රට දෙන්න ජනතාව තීන්දු කරල ඉවරයි…!

February 3, 2022 at 11:09 am | by emanisa.lk

මේ වන ආණ්ඩුවේ ජනප්‍රියත්වය කඩා වැටී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද බලය 75-80%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, විජිත හේරත් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් 3% පක්ෂයක් නොවන බවත් එය අතීතයට මිස අදට වලංගු නැති බවත් විජිත හේරත් සඳහන් කරයි.

මේ වන විට රටේ ජනතාව පෙළ ගැසී ඇත්තේ ජාතික ජන බලවේගයත් සමග බවත් ආණ්ඩුවේ ජන බලය 2%කට වැටී ඇති බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා ප්‍රකාශ කරයි.

ජවිපෙ නායක අනුර දිසානායක ඝාතන තැතක් ඇති බවත් බිත්තර ප්‍රහාරයෙන් තහවුරු වන්නේ එය බවත් විජිත හේරත් අනාවරණය කළේ ය. ආණ්ඩුවේ ප්‍රබලතම ප්‍රතිවාදියා අනුර දිසානායක බවත් මේ රටේ ජනතාව අනුර දිසානායක ආරක්ෂක කරගත යුතු බව ප්‍රකාශ කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *